ටෙහෙරාන් අගනුවරට එල්ල වූ ඒකාබද්ධ ප්‍රහාරයකින් අයතුල්ලා අලි ඛමේනි මියයාමෙන් පසු, ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් වූ ඔහුගේ පුත් මොජ්ටාබා ඛමේනි (Mojtaba Khamenei) ගේ නිල ඡායාරූපය පිළිබඳව දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ. ඔහුගේ නව ‘X’ (ට්විටර්) ගිණුම සඳහා සහ ඉරාන මාධ්‍ය විසින් භාවිත කර ඇති මෙම ඡායාරූපය කෘතිම බුද්ධිය (AI) මඟින් සකස් කරන ලද්දක් බවට විදෙස් පරීක්ෂණ අංශ අනාවරණය කරයි.
BBC Verify අංශයේ මාධ්‍යවේදී ෂයාන් සර්දාරිසාදේ (Shayan Sardarizadeh) සඳහන් කරන්නේ, මෙම ඡායාරූපය AI තාක්ෂණය භාවිත කර සංස්කරණය කර ඇති බව පෙනී යන බවයි. විශේෂයෙන්ම Google ආයතනයේ ‘SynthID’ තාක්ෂණය මඟින් මෙම ඡායාරූපය තුළ Google AI භාවිතයෙන් සංස්කරණය කළ බවට වන ‘Watermarks’ (දිය සලකුණු) හඳුනාගෙන ඇති බව ඔහු පෙන්වා දෙයි.
ඉරානයේ නව නායකයා සම්බන්ධයෙන් විවිධ වාර්තා පළවන පසුබිමක, ඔහුගේ නිල ඡායාරූපය මෙලෙස කෘතිමව සකස් කරන ලද්දක් වීම ලෝක දේශපාලන විචාරකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ. මෙය තාක්ෂණය භාවිත කරමින් සිදුකරන ප්‍රචාරණ උපක්‍රමයක් බවට ද ඇතැම් පාර්ශව සැක පළ කරයි.














