කොල්ලුපිටිය 6 වැනි පටුමගේ මහල් නිවාස සංකීර්ණයක් අසලදී අද (04) අලුයම සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, සිද්ධියෙන් 30 හැවිරිදි කාන්තාවක් සහ 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.















