පසුගිය වසරේ සිදු කරන ලද වෙළඳනාම ප්‍රතිස්ථාපනයෙන් අනතුරුව ඉමහත් සාර්ථකත්වයක් අත්කර ගනිමින්, ‘Dragons of Sri Lanka 2026’ සම්මාන උළෙලේදී රන් සම්මාන තුනක් සහ කළු සම්මානයක් ඇතුළුව සම්මාන හතරක් දිනා ගැනීමට American Premium Water සමාගම සමත්ව තිබේ.
ආසියානු කලාපයේ ප්රමුඛ පෙළේ ප්‍රතිඵල මත පදනම් වූ අලෙවිකරණ සම්මාන උළෙලක් වන ‘Dragons of Asia’ හි දේශීය වේදිකාව වන මෙම උළෙලේදී, උපායමාර්ගික චින්තනය, නිර්මාණශීලිත්වය සහ බලපෑම පදනම් කරගනිමින් මෙම ජයග්‍රහණය හිමිකරගෙන ඇත. නිෂ්පාදන හඳුන්වාදීම හෝ ප්‍රතිස්ථාපනය කිරීම , පරිසරය හෝ තිරසාරභාවය සහ නිර්මාණශීලී විශිෂ්ටත්වය යන කාණ්ඩ යටතේ රන් සම්මාන දිනා ඇති අතර, අඩු අයවැයක් යටතේ සිදු කළ සාර්ථක මෙහෙයුමක් වෙනුවෙන් කළු සම්මානය හිමි වී තිබේ.
මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් American Premium Water හි ප්‍රධාන විධායක නිලධාරී/අධ්යක්ෂ ෆයාස් ෆසාල් මහතා සඳහන් කළේ, සිය සන්නාමයේ උපායමාර්ගික ප්‍රවේශය සහ නිර්මාණශීලී කැපවීම වෙනුවෙන් ලැබුණු කදිම ඇගයීමක් මෙය වන බවයි. අනාථ නිවාස 90කට අධික සංඛ්‍යාවක් වෙනුවෙන් සිදු කරන ‘OrphanCare’ හවුල්කාරීත්වය, පානීය ජලය ලීටර් 800,000කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කිරීම මෙන්ම තිරසාර වීදුරු බෝතල් හඳුන්වා දීම වැනි සමාජීය සහ පාරිසරික මෙහෙයුම් හරහා සන්නාමය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















