රජයේ ආයතන තුළ සිදුවන විෂමාචාර සම්බන්ධයෙන් මූලික විමර්ශන පැවැත්වීම සඳහා නව විමර්ශන නිලධාරී සංචිතයක් පිහිටුවීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මේ සඳහා සුදුසුකම් ලැබූ නිලධාරීන් 150 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ප්‍රථමයෙන් තෝරාගෙන ඇති අතර, ඔවුන් කණ්ඩායම් තුනක් ලෙස දින 14ක විශේෂ පුහුණු වැඩසටහනකට යොමු කිරීමට නියමිතය.
විමර්ශන කටයුතු සඳහා මනා පුහුණුවක් සහිත නිලධාරීන් පිරිසක් බිහිකිරීම සහ බාහිර ආයතනවලින් අමාත්‍යාංශ විමර්ශන ඒකකය වෙත යොමු කෙරෙන ඉල්ලීම් කඩිනමින් විමර්ශනය කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි.














