කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ 60 වැනි සංවත්සරයට සහ රග්බි ඉතිහාසයේ 50 වැනි සංවත්සරයට සමගාමීව, 2026 තරග වාරය සඳහා වන නිල රග්බි ජර්සිය එළිදැක්වීමේ උත්සවය පසුගිය සිකුරාදා (12) විද්‍යාලයීය ආර්. අයි. ටී. අලස් ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
තතිර පෙරේරාගේ නායකත්වයෙන් සහ අසේල දේශප්‍රියගේ ප්‍රධාන පුහුණුකාරීත්වයෙන් මෙවර තරග වාරයට පිවිසෙන ‘Donz’ කණ්ඩායම, ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ සහිරා විද්‍යාලයට එරෙහිව පැවැත්වෙන තීරණාත්මක තරගය සඳහා අද (14) පස්වරු 7.00ට CR & FC ක්‍රීඩාංගණයේදී පිටියට පිවිසීමට නියමිතය.














