ඉන්දියාවේ පැවැති ‘India Today’ සමුළුවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, තමන් වඩාත් ප්‍රිය කරන ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිබඳව අදහස් දක්වා තිබේ. එහිදී ඔහු සඳහන් කළේ නවක ක්‍රීඩක අභිෂේක් ෂර්මා, සංජු සැම්සන් සහ සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් තමන් ප්‍රිය කරන ක්‍රීඩකයින් අතර වන බවයි.
එමෙන්ම මෙම සාකච්ඡාවේදී මැදපෙරදිග අර්බුදය සහ ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී IRIS Dena නෞකාවට එල්ල වූ ප්‍රහාරය පිළිබඳවද මන්ත්‍රීවරයා සිය අදහස් පළ කළේය. එවැනි ප්‍රහාර එල්ල කිරීම සදාචාර විරෝධී බවත්, පවතින කලාපීය නොසන්සුන්තාවය ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි ලෙස බලපෑ හැකි බවත් ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














