මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර යුදමය වාතාවරණය හේතුවෙන් ලබන අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ බහරේන් සහ සෞදි අරාබි ග්‍රෑන්ඩ් ප්‍රී (Grand Prix) ෆෝමියුලා වන් තරගාවලි අවලංගු කිරීමට බලධාරීන් තීරණය කර ඇත. අමෙරිකාව, ඉශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම් උත්සන්න වීමත් සමඟ ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ.
මෙම තරගාවලි ද්විත්වය අවලංගු කිරීම හේතුවෙන් ෆෝමියුලා වන් සංවිධායකයන්ට පවුම් මිලියන 100කට අධික මූල්‍ය අලාභයකට මුහුණ දීමට සිදුවනු ඇත. ඒ අනුව, මාර්තු 29 වනදා පැවැත්වෙන ජපන් ග්‍රෑන්ඩ් ප්‍රී තරගයෙන් පසුව මැයි 3 වනදා පැවැත්වෙන මියාමි තරගය දක්වා සති පහක දීර්ඝ විවේකයක් ක්‍රීඩකයින්ට හිමිවනු ඇත.














