ඉරාන විදේශ අමාත්‍ය සයීඩ් අබ්බාස් අරග්චි සහ මෙරට විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් පවත්වා ඇති බව වාර්තා වේ. මෙහිදී ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරනු ලබන මිලිටරි ආක්‍රමණවල වත්මන් තත්ත්වය පිළිබඳව ඉරාන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව දැනුවත් කර තිබේ.
පසුගියදා ප්‍රහාරයට ලක්වූ ‘Dena’ නමැති ඉරාන නෞකාවේ කාර්ය මණ්ඩලය මුදාගැනීමට සහ මියගිය නාවිකයින් 84 දෙනෙකුගේ දේහයන් නැවත භාරදීමට ශ්‍රී ලංකා රජය සහ නාවික හමුදාව ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී ශ්‍රී ලංකාවට සිය කෘතඥතාව පළ කර ඇත.














