මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ චීන ජාතික ආගමන පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය Zhang Yong මහතා ඇතුළු දූත පිරිස අතර විශේෂ සාකච්ඡාවක් අද (14) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී දෙරටේ මහජන ආරක්ෂාව, ආගමන විගමන පාලනය සහ දේශසීමා ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු විය.
විශේෂයෙන්ම ජාත්‍යන්තර මට්ටමින් සිදුවන සංවිධානාත්මක අපරාධ, මිනිස් ජාවාරම් සහ සයිබර් අපරාධ මර්දනය කිරීම සඳහා දෙරටේ අන්‍යෝන්‍ය සහයෝගීතාව ලබාගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ සංවර්ධනය වෙනුවෙන් චීන රජයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව චීන නියෝජිත පිරිස මෙහිදී සහතික කළහ. මෙම අවස්ථාවට චීන තානාපති Qi Zhenhong, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.














