ඉරානයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි උපායමාර්ගිකව ඉතා වැදගත් නගරයක් වන ඉස්ෆහන් (Isfahan) වෙත එල්ල වූ ප්‍රහාරයකින් කර්මාන්තශාලා සේවකයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ ශීතකරණ සහ තාපක (Refrigerators and Heaters) නිෂ්පාදනය කරනු ලබන සිවිල් කර්මාන්තශාලාවක් වන අතර, ඉරාන-අමෙරිකා යුද ගැටුම් උත්සන්න වීමත් සමඟ ඉස්ෆහන් නගරය මේ වන විට ප්‍රහාරක මෙහෙයුම්වල ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව තිබේ.
හමුදාමය සහ සිවිල් කර්මාන්තශාලා මෙන්ම ඉරානයේ වැදගත්ම න්‍යෂ්ටික මධ්‍යස්ථාන කිහිපයක් ද පිහිටා ඇති බැවින් ඉස්ෆහන් නගරයට එල්ල වන මෙම ප්‍රහාර ඉතා අවදානම් සහගත තත්ත්වයක් නිර්මාණය කරයි. මීට අමතරව ටෙහෙරාන් අගනුවර, තබ්‍රීස්, බන්ඩර් අබ්බාස් සහ කර්මන් පළාතේ සීර්ජාන් යන නගරවලට ද ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ. මෙම ප්‍රහාර මාලාවත් සමඟ කලාපයේ පවතින මානුෂීය අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.














