පවතින ගෝලීය තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සෑම සතියකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි. මෙම තීරණය අධිකරණ සේවා, පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළු සියලුම රජයේ කාර්යාල සඳහා බලපැවැත්වේ.
බලශක්ති අර්බුදය කළමනාකරණය කර ගැනීම සහ ප්‍රවාහන පිරිවැය අවම කර ගැනීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව සතියේ දින පහක් වෙනුවට රජයේ සේවාවන් සහ අධ්‍යාපන කටයුතු සීමිත දින කිහිපයක් තුළ ක්‍රියාත්මක වනු ඇත.
මෙම නිවාඩු දිනය නිල වශයෙන් බලාත්මක වන ආකාරය සහ සේවාවන් පවත්වාගෙන යන විකල්ප ක්‍රමවේදයන් පිළිබඳව ඉදිරියේදී වැඩිදුර උපදෙස් නිකුත් කිරීමට නියමිතය.














