වැලිගම, W15 හෝටලය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත මහතා ඇප මත මුදාහැරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය.
මෙහිදී මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකාර පොලිස් පරීක්ෂකවරයාට රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කරනු ලැබීය.
පසුගිය පෙබරවාරි මස 23 වනදා විදෙස් ගතව සිට මෙරටට පැමිණීමේදී කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් මෙම නිලධාරියා, පෙබරවාරි 24 වැනිදා සිට අද (16) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය. මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.














