දකුණු ලෙබනනය ආක්‍රමණය කරමින් සිටින ඊශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර මේ වන විට දරුණු ගැටුම් ඇවිලී ඇති බව ලෙබනනයේ ජාතික පුවත් ඒජන්සිය (NNA) වාර්තා කරයි. අල්ජසීරා පුවත් සේවයට අනුව, මෙම ගැටුම් ඔඩෙයිසේ-තායිබේ (Odaisseh-Taybeh) කලාපය කේන්ද්‍ර කරගනිමින් සිදුවන අතර එම ප්‍රදේශය ඊශ්‍රායල ආක්‍රමණයේදී ඉතා වැදගත් මූලෝපායික මධ්‍යස්ථානයක් ලෙස සැලකේ.
ඊශ්‍රායල හමුදාව දැවැන්ත ෂෙල් වෙඩි ප්‍රහාර සහ වෙඩි වරුසා මධ්‍යයේ ලෙබනන භූමියට ඇතුළු වීමට උත්සාහ කරමින් සිටින බව ලෙබනන වාර්තාකරු පෙන්වා දෙයි. එමෙන්ම දකුණු දිග දේශසීමා නගර වන යාර්වුන්න (Yaroun) සහ මරවුන් අල්-රාස් (Maroun al-Ras) ආසන්නයෙන් සතුරු යුද රථ කිහිපයක් ඉදිරියට ගමන් කරන ආකාරය ද නිරීක්ෂණය වී ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ. මෙම තත්ත්වය හමුවේ කලාපීය යුදමය වාතාවරණය තවදුරටත් උග්‍ර අතට හැරී ඇත.














