ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා තුනකදීම ගත් උත්සාහයන් ව්‍යවර්ථ කළේ ජනතා විමුක්ති පෙරමුණ බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා චෝදනා කරයි. වර්තමානයේ පවතින උග්‍ර තෙල් හිඟය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා 2002-2004, 2015-2020 සහ 2022-2024 යන වකවානු තුනේදී මෙම තෙල් ටැංකි සංවර්ධනය කර ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගත් බවත් ජනතා විමුක්ති පෙරමුණ විසින් රට පුරා ව්‍යාජ භීතියක් මවමින් සහ විරෝධතා පවත්වමින් එම කටයුතු අඩාල කළ බවත් ඔහු පැවසීය. එම අවස්ථාවලදී මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වූයේ නම් වර්තමානයේ උද්ගතව ඇති ජාත්‍යන්තර අර්බුදය හමුවේ රටට අවශ්‍ය තෙල් ආරක්ෂිතව ගබඩා කර ගැනීමට හැකියාව තිබූ බව ඔහු පෙන්වා දෙයි.
මෙම තෙල් ටැංකිවල අයිතිය කුමන පාර්ශවයකට තිබුණත් අර්බුදකාරී අවස්ථාවක එහි ප්‍රයෝජනය ලැබෙන්නේ මෙරට ජනතාවට බව සඳහන් කළ සභාපතිවරයා එම මහඟු අවස්ථා කඩාකප්පල් කළ ජනතා විමුක්ති පෙරමුණට අද එහි විපාක විඳීමට සිදු වී ඇති බව ද ප්‍රකාශ කළේය.














