පවතින ගෝලීය ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙරට ජනතාව මුහුණ දී සිටින අසීරුතා සැලකිල්ලට ගනිමින්, එළඹෙන මාර්තු 28 වනදා පැවැත්වීමට නියමිත 49 වන ‘මස්ටෑන්ග්ස් කුසලාන’ (Mustangs Trophy) රාජකීය – තෝමියන් එක්දින ක්‍රිකට් තරගය දිවා-රාත්‍රී තරගයක් වෙනුවට දිවා තරගයක් ලෙස පැවැත්වීමට සංවිධාන කමිටුව තීරණය කර තිබේ. ජාතික අවශ්‍යතාවය පෙරදැරි කරගෙන ගනු ලැබූ මෙම තීරණය මඟින්, දිවා-රාත්‍රී තරගයක් සඳහා වැයවන විශාල ඉන්ධන ප්‍රමාණය ඉතිරි කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. පාසල් ද්විත්වයේ විදුහල්පතිවරුන්ගේ උපදෙස් මත සහ ඒකාබද්ධ සංවිධාන කමිටුවේ අනුමැතිය ඇතිව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඓතිහාසික රාජකීය – තෝමියන් ක්‍රිකට් සම්ප්‍රදාය පවත්වාගෙන යන අතරම, පොදු මහජනතාව මුහුණ දෙන අභියෝගයන් හමුවේ වගකීම් සහගතව සහ සහයෝගීතාවයෙන් කටයුතු කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බව සංවිධායකයෝ පෙන්වා දෙති. මෙම තීරණය සඳහා ආදි ශිෂ්‍ය සංගම් මෙන්ම අනුග්‍රාහක භවතුන්ගේ ද පූර්ණ එකඟතාවය හිමිව තිබේ. ජාතික මට්ටමින් පවතින බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමේදී ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදීම මෙහිදී විශේෂ ඇගයීමට ලක්ව ඇත.














