අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සඳුදා ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කළේ කියුබාව අත්පත් කරගැනීමේ “ගෞරවය” තමන්ට හිමිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. කියුබාව යම් ආකාරයකින් අත්පත් කරගැනීම විශාල ගෞරවයක් ලෙස සලකන බවත්, සත්‍ය වශයෙන්ම පැවසුවහොත් තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කියුබාව සමඟ කළ හැකි බවත් ඔහු එහිදී සඳහන් කළේය. කියුබාව මේ වන විට ඉතා දුර්වල ජාතියක් බවට පත්ව ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව ඇති අතර, කියුබාව වැනි ස්වෛරී රාජ්‍යයක් සම්බන්ධයෙන් මෙවැනි ස්ථාවරයක් දැක්වීම විදෙස් සබඳතාවල නව උණුසුම් තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතු විය හැක. විශේෂයෙන්ම මැදපෙරදිග සහ අනෙකුත් කලාපීය ගැටලු හමුවේ අමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තිය මෙලෙස දැඩි මුහුණුවරක් ගැනීම ලෝක දේශපාලන විශ්ලේෂකයන්ගේ දැඩි අවධානයට යොමුව පවතී.














