පොදු ප්‍රවාහන සේවා සඳහා සැලසුම් කර ඇති සියලුම ගමන්වාර වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය පවතින බවත්, එම සේවාවන්ට කිසිදු බාධාවක් සිදු නොවන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල මහතා සහතික කරයි. මේ හේතුවෙන් මගී ප්‍රවාහන සේවාවල නිරතවන්නන් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීම හෝ ගබඩා කිරීම අවශ්‍ය නොවන බව පෙන්වා දෙන ඒ මහතා, ඒ ඒ බස් රථවලට අදාළ ගමන්වාර ප්‍රමාණය අනුව අවශ්‍ය ඉන්ධන ලබාගත හැකි පරිදි QR කේත පද්ධතිය මේ වන විට ප්‍රතිසංවිධානය කරමින් පවතින බව ද සඳහන් කළේය. ප්‍රවාහන අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒකාබද්ධව මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය වේගවත් කර ඇති අතර, එමඟින් පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඉන්ධන අවශ්‍යතාව නිවැරදිව කළමනාකරණය කිරීමට අපේක්ෂිතය.















