• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන අරපිරිමැස්මට සියලුම අමාත්‍යාංශවලට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් උපදෙස්

17 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන අරපිරිමැස්මට සියලුම අමාත්‍යාංශවලට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් උපදෙස්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
පවතින බලශක්ති අර්බුදය හමුවේ සෑම අමාත්‍යාංශයක්ම ඉන්ධන අරපිරිමැස්ම සඳහා ප්‍රායෝගික හා දත්ත මත පදනම් වූ තිරසාර සැලැස්මක් සකස් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම අධීක්ෂණය කිරීම සඳහා පත් කළ කමිටුව සමඟ අද (17) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් අතර, මේ පිළිබඳ වාර්තාවක් අමාත්‍යාංශ මට්ටමින් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේය. රජයේ සහ පෞද්ගලික අංශයේ සැපයුම් දාමයන් බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සාධාරණ මිලකට ජනතාවට ලබාදීම සහතික කිරීම මෙම කමිටුවේ ප්‍රධාන වගකීම වන අතර, ඉන්ධන මිල ඉහළ යාම හමුවේ භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා විකල්ප යාන්ත්‍රණ පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
විවිධ ක්ෂේත්‍රයන්හි ඉන්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා මේ වන විටත් විශේෂ වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් මෙහිදී පෙන්වා දුන්හ. ඒ අනුව සතොස ඇතුළු අත්‍යවශ්‍ය ආහාර බෙදා හරින ආයතනවල අවශ්‍යතා හඳුනාගෙන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ ඒකාබද්ධ සැලැස්මක් සකස් කර ඇති අතර, සංචාරක ක්ෂේත්‍රය සඳහා QR පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් හෝටල් සඳහා අවශ්‍ය ගෑස් සහ ඉන්ධන සැපයීමටත් පියවර ගෙන ඇත. මීට අමතරව කර්මාන්තකරුවන් ලියාපදිංචි කිරීම, කෘෂිකාර්මික කටයුතු සඳහා පර්යේෂණ නිලධාරීන්ගේ නිර්දේශ මත ඉන්ධන නිකුත් කිරීම සහ බහුදින ධීවර යාත්‍රා මෙන්ම වරාය හා ගුවන් තොටුපළ මෙහෙයුම් සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
රෝහල් සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ප්‍රාදේශීය ඉන්ධන සංචිත පවත්වාගෙන යාමටත්, ඖෂධ ප්‍රවාහනය සඳහා ප්‍රමුඛතාව ලබාදීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවත්, මීට සමගාමීව පොදු ප්‍රවාහන සේවා විධිමත් කිරීම සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බලපෑම් අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජාතික ආර්ථිකය සහ මහජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නිරන්තරයෙන් යාවත්කාලීන වන දත්ත පද්ධතියක් පවත්වා ගනිමින් පූර්ණ මැදිහත්වීමක් සිදු කරන ලෙස ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාවට අමාත්‍ය වසන්ත සමරසිංහ, බිමල් රත්නායක, කේ.ඩී. ලාල්කාන්ත, කුමාර ජයකොඩි, සුනිල් හඳුන්නෙත්ති, අනුර කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් සහභාගී වූහ.
Post Views: 6
Previous Post

මැදපෙරදිග යුද්ධයෙන් ආහාර සැපයුම් දාම බිඳ වැටේ

Next Post

එදා පෝලිම් හැදුණේ සල්ලි නැති නිසා – අද ප්‍රශ්නය ලෝක වෙළඳපොළේ තෙල් නැති එකයි – නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

Editor TTV News

Editor TTV News

Next Post
එදා පෝලිම් හැදුණේ සල්ලි නැති නිසා – අද ප්‍රශ්නය ලෝක වෙළඳපොළේ තෙල් නැති එකයි – නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

එදා පෝලිම් හැදුණේ සල්ලි නැති නිසා - අද ප්‍රශ්නය ලෝක වෙළඳපොළේ තෙල් නැති එකයි - නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන QR පද්ධතියේ ලියාපදිංචි වූ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

ඉන්ධන QR පද්ධතියේ ලියාපදිංචි වූ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

17 March 2026
ඉරාන පාලනය දුර්වල කර ජනතාවට අවස්ථාවක් ලබා දෙනවා

ඉරාන පාලනය දුර්වල කර ජනතාවට අවස්ථාවක් ලබා දෙනවා

17 March 2026
ඉරාන යුද්ධයට විරෝධය පා අමෙරිකානු ජාතික ප්‍රතිත්‍රස්ත මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

ඉරාන යුද්ධයට විරෝධය පා අමෙරිකානු ජාතික ප්‍රතිත්‍රස්ත මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

17 March 2026
ලිට්රෝ ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් රැගත් නෞකාවක් දින දෙකක් ඇතුළත දිවයිනට

ලිට්රෝ ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් රැගත් නෞකාවක් දින දෙකක් ඇතුළත දිවයිනට

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන QR පද්ධතියේ ලියාපදිංචි වූ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

ඉන්ධන QR පද්ධතියේ ලියාපදිංචි වූ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

17 March 2026
ඉරාන පාලනය දුර්වල කර ජනතාවට අවස්ථාවක් ලබා දෙනවා

ඉරාන පාලනය දුර්වල කර ජනතාවට අවස්ථාවක් ලබා දෙනවා

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved