රට තුළ පවතින වත්මන් අභියෝගාත්මක වාතාවරණය කළමනාකරණය කරමින් ඉදිරියට යාම සඳහා පටු අරමුණුවලින් බැහැරව සියලු දෙනාම සාමූහිකව කටයුතු කළ යුතු බව විද්වතුන් පෙන්වා දෙයි. විද්වත් මණ්ඩලයක් විසින් පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මෙසේ කරුණු පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.
බලශක්ති අර්බුදය සහ මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකයට සහ සමාජීය ස්ථාවරත්වයට එල්ල වී ඇති බලපෑම් හමුවේ ජනතාව සහ දේශපාලන අධිකාරිය එක්ව කටයුතු කිරීමේ වැදගත්කම විද්වතුන් පෙන්වා දුන්හ
පටු දේශපාලන හෝ පෞද්ගලික අරමුණු වෙනුවෙන් රට යළිත් අස්ථාවර මාවතකට ඇද දැමීම නොකළ යුතු බවත්, එය සමස්ත ජන ජීවිතයටම බරපතල හානියක් වනු ඇති බවත් මෙහිදී අවධාරණය කෙරිණි
රජය විසින් හඳුන්වා දී ඇති ඉන්ධන QR ක්‍රමවේදය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ආරක්ෂක පියවරයන් සාර්ථක කර ගැනීමට මහජන සහාය අත්‍යවශ්‍ය බව විද්වත් මණ්ඩලයේ අදහස විය
ඉදිරි සති කිහිපය තීරණාත්මක වන බැවින් සාවද්‍ය තොරතුරුවලට නොරැවටී බුද්ධිමත්ව සහ සහකම්පනයෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා විය.
අද දින පාර්ලිමේන්තුවේදී කථානායකවරයා සහ අග්‍රාමාත්‍යවරිය ද අවධාරණය කළ බුද්ධිමය සංවාදය සහ සහයෝගීතාවයේ අවශ්‍යතාවය මෙම විද්වත් සාකච්ඡාව හරහා තවදුරටත් තහවුරු වී තිබේ.














