ඇමෙරිකා එක්සත් ජනපදය තුළ රැඳී සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට ස්වේච්ඡාවෙන් සිය රටවල් බලා යාම දිරිමත් කිරීම සඳහා “Project Homecoming” නමින් නව වැඩපිළිවෙළක් එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) විසින් අද (18) ප්‍රකාශයට පත් කරන ලදී.
නීතිවිරෝධී ලෙස ඇමෙරිකාවට ඇතුළු වූ ඉන්දීය ජාතිකයන් ඇතුළු සංක්‍රමණිකයන්ට සිය රට බලා යාම සඳහා නොමිලේ ගුවන් ටිකට්පත් සහ ඇමෙරිකානු ඩොලර් 2,600ක (රුපියල් ලක්ෂ 7.5කට අධික) විශේෂ අත්තිකාරම් දීමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇත
මෙම ප්‍රවර්ධන වැඩසටහන සඳහා ඇමෙරිකානු රජය ඉන්දියාවේ “තාජ් මහල්” මෙන්ම කොලොම්බියාවේ සහ චීනයේ ප්‍රකට සංකේත ද භාවිතා කරමින් “නොමිලේ ඉන්දියාවට පියාසර කරන්න” යනුවෙන් දැන්වීම් පළ කර තිබේ
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය යටතේ පසුගිය වසරේ මැයි මාසයේදී ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට සිය මව්බිම වෙත ගොස් අලුතින් ජීවිතය ආරම්භ කිරීමට මූල්‍ය සහයක් ලබා දීමයි
මෙම තීරණය ගනු ලැබුවේ මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ ඇමෙරිකාව සිය දේශසීමා ආරක්ෂාව දැඩි කරමින් සිටින පසුබිමක සහ අද දින කැනඩාවේදී පහරදීමකින් මියගිය ඉන්දීය ශිෂ්‍යයා පිළිබඳ පුවතත් සමඟ විදේශගත සංක්‍රමණිකයන් පිළිබඳ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති මොහොතකය.














