හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව් ප්‍රවාහනය සුරක්ෂිත කිරීම සඳහා යුරෝපීය මිත්‍ර රටවල් ඇමෙරිකාවට සහය දීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ජනාධිපති ට්‍රම්ප් සහ මිත්‍ර පාර්ශවයන් අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ගැටලු තවදුරටත් උග්‍ර වී තිබේ. වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ) වාර්තා කරන පරිදි, මෙම තත්ත්වය යුරෝපයට ද දිගුකාලීන බලපෑම් එල්ල කරනු ඇත.
ඊශ්‍රායලය සමඟ එක්ව ඉරානයට බෝම්බ හෙළීම ආරම්භ කිරීමට පෙර ඇමෙරිකාව සිය යුරෝපීය මිත්‍ර පාර්ශවයන් සමඟ නිසි සාකච්ඡාවක් සිදු නොකිරීම මෙම සහයෝගය අඩුවීමට ප්‍රධාන හේතුවක් වී තිබේ
ජනාධිපති ට්‍රම්ප් සහ මිත්‍ර රටවල් අතර පවතින මෙම අභ්‍යන්තර ගැටුම හමුවේ ගෝලීය තෙල් ප්‍රවාහන මාර්ග අවහිර වීම ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී
ඉරාන උත්තරීතර නායකයා ඇතුළු නායකයින් රැසක් මියගොස් ඇති පසුබිමක සහ ඇමෙරිකානු ප්‍රතිප්‍රස්තවාදී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෝ කෙන්ට් ද ඊයේ ඉල්ලා අස්වී ඇති මොහොතක, ඇමෙරිකාව ජාත්‍යන්තරය තුළ හුදකලා වීමේ අවදානමක් මතුව ඇත
මෙම ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව අද රුසියානු තානාපති කාර්යාලය සමඟ විශේෂ බලශක්ති සාකච්ඡා පැවැත්වූ අතර, හෙට සිට වාහන අංක තහඩු ක්‍රමය අනුව ඉන්ධන නිකුත් කිරීමට ද පියවර ගෙන තිබේ.














