ඉරානය සමඟ යුද්ධය ආරම්භ වීමට මාස කිහිපයකට පෙර සිටම ලොව විශාලතම තෙල් සැපයුම්කරු බවට පත්ව සිටි ඇමෙරිකා එක්සත් ජනපදය, 2025 වසර තුළ පමණක් බොරතෙල් සහ තෙල් නිෂ්පාදන බැරල් බිලියන 3.9ක් අපනයනය කර ඇති බව ඇමෙරිකානු බලශක්ති තොරතුරු ඒජන්සියේ (EIA) නවතම දත්ත පෙන්වා දෙයි.
ලොව පුරා රටවල් 50කට අධික සංඛ්‍යාවකට ඇමෙරිකානු තෙල් අපනයනය කෙරෙන අතර, ඉන් 10.7%ක (බැරල් මිලියන 419ක්) ප්‍රමාණයක් මිලදී ගනිමින් නෙදර්ලන්තය ලොව ප්‍රධානතම ගැනුම්කරු බවට පත්ව ඇත. යුරෝපයේ ප්‍රධාන තෙල් වෙළඳ මධ්‍යස්ථානය ලෙස නෙදර්ලන්තය ක්‍රියා කිරීම මෙයට හේතුවයි
ඇමෙරිකානු තෙල් සඳහා වැඩිම ඉල්ලුමක් පවතින රටවල් 7න් 4ක්ම ආසියානු කලාපයට අයත් වීම විශේෂත්වයකි. ඒ අනුව දකුණු කොරියාව, ජපානය, චීනය සහ ඉන්දියාව ඇමෙරිකානු තෙල් ලබාගන්නා ප්‍රධානතම ආසියානු රටවල් වේ
හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි යුදමය වශයෙන් අවදානම් සහිත ප්‍රදේශවලින් තෙල් ලබාගැනීමට වඩා, ඇමෙරිකාවෙන් ස්ථාවර සැපයුමක් ලබාගැනීමට ලෝකයේ ප්‍රබල ආර්ථිකයන් මේ වන විට නැඹුරු වී සිටී. බ්‍රෙන්ට් (Brent) තෙල් මිල බැරලයක් ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති පසුබිමක, ඇමෙරිකානු තෙල් ගෝලීය වෙළඳපොළ ස්ථාවර කිරීමට විශාල දායකත්වයක් ලබා දෙයි.
මෙම ගෝලීය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ද රුසියාව සමඟ බලශක්ති සාකච්ඡා පවත්වමින් සිටින අතර, අද දින කථානායකවරයා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ පවතින අර්බුද කළමනාකරණය සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි.














