ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් බලශක්ති අමාත්‍යාංශය වෙත ලබාදෙන ලද ගොවි නාම ලේඛනවලට අනුව අද (19) සිට දිවයින පුරා පිරවුම්හල් මගින් ගොවීන්ට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කර තිබේ. ගොවිජන සංවර්ධන (සේවා) කොමසාරිස් සුමිත් චන්දන මහතා සඳහන් කළේ පවතින ඉන්ධන තදබදය හමුවේ වුවද අස්වනු නෙළන සහ බිම් සකසන ගොවීන්ට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස සියලුම පිරවුම්හල්වලින් ඉල්ලා ඇති බවයි. මෙම ක්‍රමවේදය යටතේ අස්වනු නෙළීමේ කටයුතු සඳහා අක්කරයකට ලීටර් 15 බැගින් ද සීසෑමේ කටයුතු සඳහා අක්කරයකට ලීටර් 30 බැගින් ද ඉන්ධන ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත පියවර ගෙන ඇත. ගොවීන්ට තම ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ලියාපදිංචි වී තමන්ට පහසුම පිරවුම්හලෙන් මෙම පහසුකම ලබාගත හැකි අතර මේ හරහා මහ කන්නයේ සහ යල කන්නයේ කෘෂිකාර්මික කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවස්ථාව සැලසේ.
















