ලෝක වෙළෙඳපොළේ රන් මිල පහත වැටීමට සමගාමීව මෙරට රත්‍රං මිලෙහි සැලකිය යුතු අඩුවීමක් අද (19) වාර්තා විය. කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ දත්තවලට අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 13,000කින් පහත වැටී ඇති අතර, අද දහවල් වන විට එහි මිල රුපියල් 362,500ක් ලෙස සටහන් විය. ඊයේ (18) රුපියල් 374,400ක්ව පැවති කැරට් 22 රන් පවුමක මිල මෙලෙස ශීඝ්‍රයෙන් පහත වැටී ඇත්තේ අද උදෑසන සහ දහවල් කාලය තුළ අවස්ථා දෙකකදී මිල සංශෝධනය වීමත් සමඟය. මීට අමතරව ඊයේ රුපියල් 407,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල ද අද වන විට රුපියල් 394,000ක් දක්වා රුපියල් 13,000කින් පහළ ගොස් තිබේ.
















