දෙහිවල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන ‘ලැරී’ නැමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කර සිටි 18 හැවිරිදි තරුණයෙකු ගිනි අවි සහ ජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ. ගල්කිස්ස, ගුණවර්ධන පාරේ පිහිටි නිවසක් ඉදිරිපිටදී සිදුකළ මෙම වැටලීමේදී මෙරට නිෂ්පාදිත 9mm ගිනි අවියක්, T56 මැගසිනයක් සහ ජීව උණ්ඩ 30ක් පොලිස් භාරයට ගෙන ඇත. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු විදේශගතව සිටින ප්‍රබල අපරාධකරුවෙකු වන ‘බඩෝවිට අසංක’ නැමැත්තාගේ අනුගාමිකයෙකු වන ‘සැන්ඩෝ’ නමැති පුද්ගලයාගේ ප්‍රධාන ගෝලයෙකු බවයි. ‘සැන්ඩෝ’ ලබාදුන් උපදෙස් මත මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිටි බව සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර තිබේ.













