ලෝකප්‍රකට ෆිට්ච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය පවසන්නේ වර්තමානයේ පවතින ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ස්වෛරී ශ්‍රේණිගත කිරීම් පහළ යාමේ දැඩි අවදානමක් නොමැති බවයි. 2022 වසරේදී මෙරට ඇති වූ ආර්ථික අර්බුදය දේශීය කළමනාකරණ දුර්වලතා සහ විදේශ විනිමය හිඟය මත පදනම් වූවක් වුවද, වර්තමාන තත්ත්වය ඊට වඩා වෙනස් බව එම ආයතනය පෙන්වා දෙයි. විශේෂයෙන්ම ඇති විය හැකි බලශක්ති කම්පනයන් කළමනාකරණය කරගැනීමට අවශ්‍ය මූල්‍යමය ශක්තිය සහ ස්ථාවරත්වය මේ වන විට ශ්‍රී ලංකාව සතු බවත්, 2022 වසරට සාපේක්ෂව රට වඩාත් ශක්තිමත් ස්ථානයක පසුවන බවත් ෆිට්ච් රේටින්ග්ස් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.














