බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ලබන අප්‍රේල් මස 10 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ. අද (19) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති අතර, එදින පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිතය. මීට අමතරව, 2019 පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අප්‍රේල් මස 9 වැනිදා පස්වරු 2.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට ද මෙහිදී තීරණය වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.














