රට පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදයෙන් ගොඩගැනීමට වත්මන් රජයට වඩා හොඳ විශිෂ්ට සැලසුමක් විපක්ෂය සතුව තිබේ දැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළාය. රට නැවත හුස්ම ගැනීමට උත්සාහ කරන මෙවන් අවස්ථාවක, විපක්ෂය වගකීම් සහගතව කටයුතු කළ යුතු බවත්, ඔවුන්ගේ එකම අරමුණ කෙසේ හෝ ආණ්ඩුව පෙරළා බලයට පත්වීම පමණක් බවත් ඇය සඳහන් කළාය. ආණ්ඩුවේ රාජ්‍ය තාන්ත්‍රික දුර්වලතා පවතින බව පවසමින් ජනතාව බිය ගැන්වීමට උත්සාහ කරනවා වෙනුවට, රට වෙනුවෙන් ඇති විකල්ප සැලසුම් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍යවරිය විපක්ෂයට අභියෝග කළාය.














