අතරමං වන වන අලි පැටවුන් සංරක්ෂණය කිරීම සඳහා උඩවලව ඇත් අතුරු සෙවණට සමාන නව මධ්‍යස්ථානයක් පොළොන්නරුව, අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානය තුළ ඉදිකිරීමට පියවර ගෙන තිබේ. දැනට පවතින ඇත් අතුරු සෙවණවල පවතින දැඩි තදබදයට විසඳුමක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා ඇතුළු පිරිසක් පසුගියදා එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම නව මධ්‍යස්ථානය විදේශීය සංචාරකයින්ට ද විවෘත කිරීම මගින් අමතර ආදායමක් ඉපැයීමට ද රජයේ අවධානය යොමු වී ඇත.














