එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ මෙරට ජනතාවට අවශ්‍ය ඉන්ධන සහ විදුලිබලය කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සැපයීමට රජය සූදානම් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. වත්මන් ගෝලීය දේශපාලනික හා යුදමය වාතාවරණය හමුවේ ඇති වී තිබෙන බලශක්ති අභියෝග පිළිබඳව ඊයේ (20) පාර්ලිමේන්තුවේ පැවැති සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම සහ සැපයුම් දාමයේ පවතින අවහිරතා මධ්‍යයේ වුවද, උත්සව සමයේ දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග සහ විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය පහසුකම් මේ වන විටත් සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සහතික කළේය. ඒ අනුව ජනතාවට බියකින් තොරව උත්සව සමය සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව ඔහු පවසා සිටියේය.














