පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙළීමේ කටයුතු ප්‍රමුඛතාවක් ලෙස සලකා ඒ සඳහා අවශ්‍ය ඉන්ධන කඩිනමින් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කර තිබේ. විශේෂයෙන්ම ඇලහැර ගොවිජනපද ව්‍යාපාරයේ ගොවීන් මේ දිනවල අස්වනු නෙළීමේ කටයුතුවල දැඩිව නිරතව සිටින අතර, ඔවුන්ගේ අස්වනු නෙළන යන්ත්‍ර (Combine Harvesters) සඳහා අවශ්‍ය ඩීසල් කිසිදු බාධාවකින් තොරව ලබාදීමට පියවර ගෙන ඇත. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන සැපයුම සීමා වී ඇතත්, මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා කෘෂිකාර්මික කටයුතුවලට අවශ්‍ය ඉන්ධන ලබාදීම මෙලෙස ප්‍රමුඛ කාර්යයක් බවට පත් කර තිබේ.
ජාතික ඉන්ධන අවසර පත්‍රය (QR) යටතේ ක්‍රමවත් ලෙස ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් පෝලිම්වල රැඳී නොසිට තමන්ට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමට හැකි වීම පිළිබඳව පොලොන්නරුවේ ගොවි ජනතාව රජයට සිය කෘතඥතාව පළ කරති. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සෑම පිරවුම්හලකින්ම ගොවීන් සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් පරිදි නිකුත් කෙරෙන බව අප වාර්තාකරු සඳහන් කරයි. මෙම ක්‍රමවේදය මඟින් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීම පාලනය වන අතරම, නියමිත කාලයට අස්වනු නෙළා ගැනීමට හැකි වීමෙන් ගොවීන්ට සිදුවන ආර්ථික හානිය ද අවම කර ගැනීමට හැකි වී තිබේ.














