27 April 2024
#දේශීය

දියේ ගිලිමෙන් අවුරුදු 15 ක පිරිමි දරුවෙකු මරුට

නාවලපිටිය, ගඟබඩ දිය ඇල්ලේ ඊයේ (26) සවස් කාලයේදී දිය නෑමට ගිය පිරිමි දරුවෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. මිය ගිය දරුවා වයස අවුරුදු 15 ක් වු පානබොක්ක, කඩුගන්නාව ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

මිය ගිය දරුවා තවත් දරුවන් සිව් දෙනෙකු සමඟ දිය ඇල්ල නැරඹිමට පැමිණ ඇති අතර ඔවුන් දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව නාවලපිටිය පොලිසිය සිදු කල විමර්ශණවලදී අනාවරණ වී ඇත.

එම අවස්ථාවේදී තවත් දරුවන් දෙදෙනෙකු දියේ ගිලි නාවලපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනු ඇත. අනෙක් දරුවන් දෙදෙනාට කිසිදු අනතුරක් නොමැති බව පොලිසිය පවසයි.

මෘත ශරීරය නාවලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *