• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

IMF වලින් ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් – අගමැති

1 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වසර හතරක කාලයක් පුරා ක්‍රියාත්මක වන ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ( extended fund facility) ලබා ගැනීම සඳහා නිලධාරි මට්ටමේ එකඟතාවයකට පැමිණීමට රජයට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා අද (01) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ (Executive Board) අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ද්විපාර්ශවික නිල මට්ටමේ (official Bilateral Level Discussion) සාකච්ඡා මීළඟට ආරම්භ කිරීමට නියමිත බවයි.

විවිධ දුර්වලතාවයන් සහ වැරදි ප්‍රතිපත්ති තීරණ නිසා අවසානයේ සිදුවුණේ ණය පැහැර හැරීමට සිදු වීම හා ගැඹුරු ආර්ථික අර්බුදයකට රට තල්ලු වීම බවත් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නම් එවැනිම ගැඹුරු හා පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සිදු වන බවත් ගුණවර්ධන මහතා අවධාරණය කළේය. එසේම කුමන පාර්ශවයක් බලයේ සිටියත් මේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍ය වෙන බවද හෙතෙම සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධ මහතා සිදු කළ සම්පූර්ණ කථාව පහත පරිදි වේ.

නියෝජ්‍ය කතානායකතුමනි,

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වසර හතරක කාලයක් පුරා ක්‍රියාත්මක වන ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් (extended fund ‍facility) ලබා ගැනීම සඳහා නිලධාරි මට්ටමේ එකඟතාවයකට පැමිණීමට අද උදෑසන රජයට හැකිවුණා. ශ්‍රී ලංකාව මුහුණ දෙන ගැඹුරු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට දරන උත්සාහයේදී මෙය ඉතා වැදගත් සන්ධිස්ථානයක් වෙනවා. නිලධාරි මට්ටමේ එකගතාවයකට පසුව ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් තුළ අපි ණය තිරසාර භාවය(Debt Sustainability) ලබා ගැනීමට උදව් කරන බවට ශ්‍රී ලංකාවට ණය ලබා දෙන්නන්ගේ සහතිකයක් (Adequate Financing Assurance) අවශ්‍ය වෙනවා

ඉන්පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ (Executive Board) අනුමැතිය ලබා ගැනීම අවශ්‍යයි. ද්විපාර්ශවික නිල මට්ටමේ (official Bilateral Level Discussion) සාකච්ඡා මීළඟට ආරම්භ කිරීමට නියමිතයි.ඒ සමගම අපට විශේෂයෙන් ද්විපාර්ශික හා බහු පාර්ශවික සංවර්ධන හවුල්කරුවන්ගෙන් (development partners) ණය මුදල් ලබා ගන්නට අවකාශ සැලසෙනවා. ඒ තුළින් අපට අත්‍යවශ්‍ය කටයුතු සඳහා අරමුදල් ලැබෙන අතර, ආර්ථිකය හා ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරන්න කටයුතු කළ හැකි වෙනවා. අද ඇති කරගත් එකඟතාව අපේ උත්සාහයන්ගේ විශාල ප්‍රගතියක් පෙන්වන කරුණක් වුවද, අප මතක තබා ගත යුතු කරුණක් වන්නේ මෙය තවමත් ආරම්භයක් පමණක් බවත්, තව දීර්ඝ ගමනක් අපට යා යුතුව තිබෙන බවත්ය.

ඉදිරියේ දී මෙම ආර්ථික අර්බුදයට හේතු වූ කරුණු වලට විසඳුම් සෙවීම සඳහා විශාල කැපකිරීමක් කරන්නට අපිට සිදුවෙනවා. දශක ගණනාවක් තිස්සේ අපේ ඉතුරුම්වලට වඩා විශාල ප්‍රමාණයක් පරිභෝජනය කර තිබෙනවා. ඒ තුළින් අපේ ණය ප්‍රමාණය ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. රටේ ආදායම .විවිධ හේතු නිසා ඉතාම අඩු මට්ටමකට අඩු වෙලා තියෙනවා. මේ නිසා සෞඛ්‍යය, අධ්‍යාපනය, පොදු ප්‍රවාහනය වගේ වැදගත් අංශ වලට වැඩි ආයෝජන ප්‍රමාණයක් යොමු කරන්නට අපට නොහැකි වී තිබෙනවා. ඛණිජතෙල්, විදුලිය වැනි උපයෝගීතාවයන් අපි කාලයක් තිස්සේ අඩුමිලට රට තුළ පරිභෝජනය කර තිබෙනවා. ඒ නිසා ඒ තුළින් විශාල වෙළඳ හිගයක් ඇති වෙලා විනිමය අනුපාත දුර්වල වුණා.රාජ්‍ය විවසායකයන් දශක ගණනාවක් පුරා නිසි ලෙස කළමනාකරණය කොට නැහැ. ඒ නිසා ඒ ආයතන විශාල ලෙස අලාභ ලැබුවා. එයද මහජනතාවට විශාල බදු බරක් ඇති කළා.

විවිධ දුර්වලතාවයන් වැරදි ප්‍රතිපත්ති තීරණ නිසා අවසානයේ සිදුවුණේ ණය පැහැර හැරීමට සිදු වීම හා ගැඹුරු ආර්ථික අර්බුදයකට රට තල්ලු වීමයි. මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නම් එවැනිම ගැඹුරු හා පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සිදු වෙනවා. කවුරුත් බලයේ සිටියත් මේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍ය වෙනවා. තිරසාර හා පුළුල් ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට හැකිවන්නේ එවිටයි.

පසුගිය මාස පහක පමණ කාලය තුළ රජයේ මේ ප්‍රතිසංස්කරණ ඇතුලත් වැඩසටහන් පිළියෙළ කරා. එම වැඩසටහන් වලට නිලධාරි මට්ටමේ එකගතාවය දැන් ලැබී තිබෙනවා. වඩාත් අභියෝගාත්මක කරුණ වන්නේ, මෙම අසීරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමයි. මහජනතාව ආර්ථික වශයෙන් පීඩාවට පත්වී සිටින තත්ත්වයක මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීම ඉතා අපහසු බව දරජය දන්නවා. එම නිසා අත්‍යවශ්‍ය කාරණය වන්නේ, මැදි හා දිගුකාලීන ව රට බේරා ගැනීම සහ අවසානයේ ඉහළ සංවර්ධනයක් අත්කර ගැනීමට මෙම ප්‍රතිසංස්කරණ අවශ්‍ය ඇයි දැයි යන්න තේරුම් ගැනීමයි. බංකොලොත් වූ රට නැවත සංවර්ධනය මාවතට යොමු කර, අපේ අනාගත දරු පරපුරට යහපත් අනාගතයක් උරුම කර දෙන්නට ජනාධිපතිතුමාත් අපේ රජයත් කැපවී සිටින වගත් මතක් කරන්නට කැමතියි.

අවසාන වශයෙන් මම කියන්නට කැමතියි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවට පැමිණීමෙන් පසුව ඒ පිළිබඳවත් අපි තවදුරටත් විස්තර මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ස්තුතියි.
‍

Post Views: 0
Previous Post

විදේශ ගත ශ්‍රමිකයින්ට HOPE GATE කටුනායක ගුවන්තොටුපොලේදී විවෘත වෙයි

Next Post

ජනතාවගේ ජීවන තත්ත්වය පවත්වාගෙන යා හැකි ආර්ථිකයක් ගොඩනැංවීම ඉතා වැදගත් – ජනපති

editor

editor

Next Post

ජනතාවගේ ජීවන තත්ත්වය පවත්වාගෙන යා හැකි ආර්ථිකයක් ගොඩනැංවීම ඉතා වැදගත් - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved