27 April 2024
#දේශීය

නකල්ස් සංරක්ෂණයට හරිත දේශගුණික අරමුදල මගින් ඩොලර් මිලියන 50ක වියදමින් ව්‍යාපෘතියක්

දේශගුණික විපර්යාසයන්ට ලක්ව ඇති මාතලේ දිස්ත්‍රික්කයේ නකල්ස් සංරක්ෂණ කලාපය කේන්ද්‍ර කරගෙන එහි පවතින ගැටලුවලට පිළියම් යෙදිම සදහා හරිත දේශගුණික අරමුදල මගින් ඩොලර් මිලියන 50ක වියදමින් ව්‍යාපෘතියක් සිදු කිරිම සදහා අරමුදල් වෙන්වි ඇති බව මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න මහත්මිය පැවසුවාය.

2023- 2028 වසර 6ක කාලයක් පුරා මෙම ව්‍යාපෘතිය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍රකර‍ගනිමින් නකල්ස් සංරක්ෂණ කලාපයේ මෙම කටයුතු සිදු කරන බවත් නක්ල්ස් සංරක්ෂන කලාපයේ ඉහළ ජලාධාර සංරක්ෂනය වතු ,වැවිලි ක්ෂ්ත්‍රයට අයක් ඉඩම් ඒකාබද්ධ සැලැස්මක් යටතේ දේශුගිණක විපර්යාසවලට මුහුණදිහ හැකි ආකාරයෙන් ප්‍රජාව දැනුවත් කිරිම ඇතුලු අංශ ගණනාවක් ඔස්සේ මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව ප්‍රධානව ආයතන 38ක් ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද දිසාපතිවරිය පැවසුවාය.

දිසාපතිවරිය මෙම අදහස් පළ කළේ හරිත දේශගුණික අරමුදල හා නකල්ස් භු දර්ශන කමිටුව එක්ව ආයතන ප්‍රධානින් සමග මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවති රැස්විමකට එක් වෙමිනි.

මෙම වැඩසටහනේදි ශාක හා සත්ව සම්පත සංරක්ෂණය,ජලාධාර කලමාණකරණය කිරිම තුළින් ජන ජිවිතය නැංවිම ,පාංශූ සංරක්ෂණය,කුඩා වැව් අමුණු සංරක්ෂනය,රිවස්ටන් මාර්ගය ප්‍රතිසංස්කණය පාංශු පරික්ෂණ හා දේශගුණික විපර්යාස තාක්ෂණික විද්‍යාගාර ස්ථාපිත කිරිම මෙහි අරමුණූ අතර මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන හෙක්ටයාර් 672518 වපසරිය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවද දිසාපතිවරිය වැඩිදුරටත් පැවසුවාය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *