27 April 2024
#දේශීය

තේරීම් කාරක සභාව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කැඳවයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද(11) දින බස්නාහිර පලාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලී මහතා පෙනී සිටීමට නියමිතයි.

ඒ, අප්‍රේල් 21 වන දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (11)පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කාරක සභාව රැස්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද දිනයේ කාරක සභාව හමුවේ සාක්ෂිදීමට පාර්ශව කිහිපයක් කැදවා තිබුණි.

TTVnews.lk වෙබ් අඩවිය බස්නාහිර පලාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලී මහතාගෙන් කල විමසීමකදී ඒ මහතා පැවසුවේ කැඳවීමට නිශ්චත කරුණක් තමා නොදන්නා බවයි. නමුත් තමා අද තේරීම් කාරක සභාවට සහභාගී වන බව හෙතෙම පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *