27 April 2024
#විදෙස්

පාකිස්ථානයේ දේශපාලන රැලියකට බෝම්බ ප්‍රහාරයක්.. 44 ක් මරුට

පකිස්ථානයේ දේශපාලන රැලියකට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් පුපුරණ ද්‍රව්‍ය පුපුරුවා හැරීමෙන් පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් 200 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්ථානයට මායිම්ව පිහිටි පකිස්ථානයේ වයඹ දිග බජාවුර් දිස්ත්‍රික්කයේ ඛාර් නගරයට ආසන්නයේ පිහිටි කොන්සර්වේටිව් ජමියට් උලමා-ඊ-ඉස්ලාම් (ජූඅයි-එෆ්) පක්ෂයේ රැස්වීමකදී මෙම පිපිරීම සිදු විය.

මෙම ප්‍රහාරය ISISකණ්ඩායම සිටිය හැකි බව මූලික විමර්ශනවලින් යෝජනා වී ඇති අතර තවමත් පරීක්ෂණ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *