27 April 2024
#දේශීය

සාහිත්‍ය යාත්‍රාව ඩෙල්ෆ්ට් දූපතට

“සාහිත්‍ය යාත්‍රා“ පාසල් පුස්තකාල සංවර්ධන හා භාෂා සාහිත්‍යය කලා ප්‍රවර්ධන වැඩසටහන මෙවර යාපනයේ ඩෙල්ෆ්ට් දූපතෙහි පිහිටි ඩෙල්ෆ්ට් ජාතික පාසලේ දී පැවැත්විණි.

ඒ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

ආර්ථික අපහසුතා මධ්‍යයේ ඉගැනුම් හා ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන දමිල මාධ්‍යයේ පාසල් දෙකක් වන ඩෙල්ෆ්ට් ජාතික පාසල හා යාපනය ඌෂන් රාමනාදන් විද්‍යාලය වෙත පුස්තකාල ප්‍රවර්ධනය සඳහා පොත් ලබා දීම, කලා හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් දරුවන් සදහා චිත්‍ර වැඩමුළුවක් ද මෙහිදී පැවැත්විණි.

මෙහි දී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සොයා බැලීමක් ද එහිදී සිදු කළේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *