27 April 2024
#දේශීය

අනුරාධපුර දළඳා පෙරහැර වීථි සංචාරය කරයි

අනුරාධපුර ‌ෙඑතිහාසික දළඳා පෙරහැර ඊයේ (02) රාත්‍රීයේ වීථි සංචාරය කළා.

අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නායක මා හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙවර පෙරහැර පැවැත්වුනේ 27 වන වරටයි. පෙරහැර ආරම්භක අවස්ථාවට අටමස්ථානය විහාරාධිකාරී නායක හිමිපාණන් වහන්සේ ද වැඩම කළහ. ආගමික වතාවත් පවත්වා හස්තිරාජයා මත කරඩුව තැන්පත් කිරිමෙන් අනතුරුව පෙරහැර ආරම්භ කෙරුණා.

ජය ශ්‍රී මහා බෝධිය අසලින් ආරම්භ වූ පෙරහැර රුවන්වැලි සෑ පෙත්මග ඔස්සේ පැමිණ පැරණි දළදා මාළිගාව අසල දී ආගමික වතාවත් පවත්වා අනුලා මාවත ඔස්සේ අභයගිරි විහාරය දක්වා ගමන් කළේ ය. පෙර වසරවල දී මෙන්ම පෙරහැරට විචිත්‍රවත් සංස්කෘතිකාංග රැසක් එක්කර තිබුණා.

උතුරු මැද පලාත් ප්‍රධාන අමාත්‍යංශය , පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එකාබද්ධ වෙමිනුයි , මෙවර ත් පෙරහැර පවත්වනු ලැබුවේ.

පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් , ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර , දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර , පලාත් පාලන කොමසාරිස් නිශාන්ත රෝයි, හිටපු පලාත් ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් , පලාත් සංස්කෘතික අධ්‍යක්ෂ ගයාන් ඉන්දික , අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර , සහකාර දිස්ත්‍රික් ලේකම් අයෝමි රත්නායක , යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් පිරිසක් ද මේ අවස්ථාවට එක්වුහ.
පෙරහැර නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටියා.

 

තිසර – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *