27 April 2024
#දේශීය

අයවැය ප්‍රෝඩාවක් අරගලය සමග පෙරට අත්පත්‍රිකා බෙදයි

අයවැය ප්‍රෝඩාවක් අරගලය සමග පෙරට ජනතාව දැනුවත් කරමින් රටපුරා අත්පත්‍රිකා බෙදීම අද (26)පස්වරුවේදී කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සිදු කිරීමට නියමිත බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.

එම සංවිධානය පවසන්නේ වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති අයවැය වැඩකරන ජනතාව ඇතුලූ රටේ ජනතාවට කිසිදු සහනයක් ලබා නොදුන් අයවැයක් බවට මේ වන විට ඔප්පු වී ඇති බවයි.

ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය හමුවේ මේ වන විට රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු ඇතුලූ සියලූ වැඩකරන ජනතාව දැවැන්ත ආර්ථික පීඩනයකට ලක්වෙමින් සිටින අතරතුර අයවැය මගින්ද නැවත වරක් ඔවුන්ව පීඩාවට පත්කර ඇති බව ඔවුන් පවසයි.

එබැවින් ආණ්ඩුවේ මෙම අයවැයට එරෙහිව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත. ඒ අනුව ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් රට පුරා දියත් කිරීමට කටයුතුකොට ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *