27 April 2024
#දේශීය

දර කැඩීමට ගොස් සිටි දරුවෙකු ගසකින් වැටී මරුට

මස්කෙළිය, බ්‍රවුන්ලෝ වත්ත ප්‍රදේශයේ අද (12) උදෑසන කාලයේදී දරුවෙකු ගසකින් වැටී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය කාර්යාලය පැවසුවේ මිය ගිය දරුවා සිය මිත්තනිය සමඟ කෑලෑ ප්‍රදේශයට ගොස් සිටි දරුවෙකු ගසකට නැග දර කැපීමේදී ගසේ කොටසක් කැඩී එම කොටස සමඟ ගලක් මතට වැටී මිය ගොස් ඇති බවයි.

මස්කෙලිය පොලිසිය සිදු කල විමර්ශන වලදී හෙළිව ඇත්තේ මිත්තණිය සමඟ දර කැඩිමට කෑළැ ප්‍රදේශයට ගිය දරුවා මිත්තණියගෙන් වෙන්ව දර සෙවීමට කටයුතු සිදු කර ඇත.

මිත්තනිය දර කඩා අවසන් වී නිවසට යාමට දරුවා සොයා ඇති අතර එම දරුවා ගසකට නැග දර කැපීමෙදී අඩි 12 ක් පමණ උසින් ගසේ කොටසක් කැඩී එම කොටස සමඟ ගලක් මතට වැටී මිය ගොස් ඇති බව මිත්තනිය දැක ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත. .

මිය ගිය දරුවා වයස අවුරුදු 13 ක් වන බ්‍රවුන්ලෝ වත්ත, මස්කෙලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය දික්ඔය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්දයෙන් මස්කෙලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *