27 April 2024
#දේශීය

මධ්‍යම පළාතේ උපකාරක පන්ති ගැන චක්‍ර ලේඛනයක් නිකුත් කරනවා – ආණ්ඩුකාර ලලිත්

මධ්‍යම පළාතේ පාසල්වල ඇතැම් ගුරුවරුන් පාසලේ තමන් ඉගැන්විම් සිදු කරන පන්තියේ දරුවන් සදහා පාසලේ වේලාවෙන් පසු හා සති අන්තයේ මුදල් අය කර උපකාරක පන්ති පවත්වන බවට ලැබුණූ පැමිණි සැලකිල්ලට ගෙන එම කටයුතු නවතාලමින් චක්‍ර ලේඛනයක් නිකුත් කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවති සම්බන්ධීකරණ කමිටුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඇතැම් ගුරුවරුන් මෙම කටයුතුවල නිරතවන බවත් පාසල් දරුවන් සිය පන්තියට සහභාගි නොවන අවස්ථාවලදි පන්ති කාමරයේදි විවිධ කායික හා මානසික පිඩනයන් වන ආකාරයේ කටයුතු සිදු කරන බවට පැමිණි රැසක් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට ලැබුණූ බවද ආණ්ඩුකාරවරයා පැවසිය.

මෙම චක්‍රලේඛනය උල්ලංගණය කරන ගුරුවරුන් හට විනයානුකුල පියවර ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ වැටලිස් ඒකකයක් ස්ථාපිත කිරිමට බලාපොරොත්තු වන බවද ආණ්ඩුකාරවරයා පැවසිය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *