• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය ඇමැති චාමරගේ පහර දීම ගැන පොලාසියට පැමිණිල්ලක්

18 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ සැපයුම් නිළධාරී අශෝක අබේසිරි මහතා විසින් ඊයේ (17) පස්වරුවේ තමාට පොස්පේට් ආයතනය තුළදී කර්මාන්ත රාජ්‍ය අමාත්‍යයවරයා ඉදිරියේදී සේවකයකු විසින් පහරදීමක් සිදු කළ බවට එප්පාවල පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද සිදු කර ඇත.

ඇමතිවරයා පැමිණිලි භාර ගන්න එපා කිව්වත් පැමිණිල්ල භාර ගත්තා.පොලීසිය රාජකාරිය කලා.පහරදීමක් සම්බන්ධව පැමිණිලි කළා, මම මේ සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා.ආයතනය පාර්ශවයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරෙයි කියලා මම විශ්වාස කරන්‌නේ නෑ, මම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා.සභාපතිවරියගේ වංචා දූෂණ වහගන්න අපිට චෝදනා කරනවා යැයි අදාළ පැමිණිල්ල සිදු කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා පැවසීය.

එප්පාවල පිහිටි ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ කටයුත්තක් සඳහා රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් දසනායක මහතා පැමිණි අවස්ථාවේ එම ආයතනයේ වංචා දූෂණ කටයුතු සම්බන්ධයෙන් සේවකයින් පිරිසක් හෙළිදරව්වක් සිදු කිරීමට යාමේදී ඇති වූ උණුසුම් තත්වයකදී එහි සේවකයකු විසින් අදාළ වංචා දූෂණ සිදු කළ බවට චෝදනා කරමින් විධායක නිළධාරියකුට අමාත්‍යයවරයා ඉදිරියේම ඊයේ (17) පහර දෙනු ලැබීය.

කෙසේ නමුත් පහර දීමට කළ උත්සහයෙන් එම විධායක නිළධාරියාගේ කමිසය ඉරි ගොස් තිබිණි.එම ස්ථානයේ රැදී සිටි පොලිස් නිළධාරීන් හා පොස්පේට් ආයතනයේ ආරක්ෂක නිළධාරීන් විසින් අදාළ සේවකයා හා විධායක නිළධාරියා එම ස්ථානයෙන් ඉවත් කර ගැටුම සමථයකට පත් කිරීමට උත්සහ කරනු ලැබීය.පහරකෑමට ලක් වීමෙන් පසු ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ සැපයුම් නිළධාරීවරයා එප්පාවල පොලිස් ස්ථානයට මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද ඉදිරිපත් කරනු ලැබීය.

ලංකා පොස්පේට් රාජ්‍යය සමාගමට කර්මාන්ත රාජ්‍යය අමාත්‍යංශය යටතේ පවතින අතර, කර්මාන්ත රාජ්‍යය අමාත්‍යයවරයා ඒ අනුව ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ (17) නිරත විය.

පොස්පේට් රාජ්‍යය සමාගමට වෙත පැමිණි රාජ්‍යය අමාත්‍යයවරයා පිළිගැනීමෙන් අනතුරුව තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි.අනතුරුව අමාත්‍යයවරයා ආයතනයේ නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළ අතර, එහිදී සේවකයින් පෙන්වා දුන්නේ ආයතනයට අවශ්‍යය නොවන වර්ගයේ ඇඹරුම් යන්ත්‍ර අමතර කොටසක් (ගියර් බොක්ස් එකක්) ගෙන්වීමෙන් ආයතනයට රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදුව ඇති බවයි.අදාළ අමතර කොටස භාවිතයට ගත නොහැකි බැවින් නැවත මාරු කිරීමටද කටයුතු කර නැති බවට ඔවුන් අමාත්‍යයවරාට පෙන්වා දුන්හ.

අදාළ අමතර කොටස ඇණවුම් කල නිළධාරියා වන සැපයුම් නිළධාරියා එම ස්ථානයට ගෙන්වන ලෙස එහිදී අමාත්‍යයවරයා පැවසීය.ඒ ස්ථානයට පැමිණි සැපයුම් නිළධාරීවරයට අමාත්‍යයවරයා මෙන්ම සේවකයින් පිරිසක්ද චෝදනාවන් සිදු කරනු ලැබීය.ඒ අතරතුර එක් සේවකයකු විසින් එක්වරම සැපයුම් නිළධාරීවරයාගේ කමිසයෙන් ඇද පහරදීමක් සිදු කරනු ලැබීය.

අදාළ සිදු වීමට මුහුණ දුන් ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ සැපයුම් නිළධාරී අශෝක අබේසිරි මහතා විසින් අද (17) පස්වරුවේ තමාට පොස්පේට් ආයතනය තුළදී කර්මාන්ත රාජ්‍යය අමාත්‍යයවරයා ඉදිරියේදී සේවකයකු විසින් පහරදීමක් කළ බවට එප්පාවල පොලිස් ස්ථානයට පැමීණිල්ලක් සිදු කළ අතර.පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ,

අද දවසේ අපේ ආයතනයේ විශය භාර අමාත්‍යයවරයාගේ නිරීක්ෂණ චාරිකාවක් තිබුණා.එතුමාගේ නිරීක්ෂණය අතරතුරදී මා ඇතුළු කීපදෙනකුට චෝදනා කරමින් මේ ආයතනයේ වංචා දූෂණ සිද්ධ වෙනවා ඒවායේ වගකීම භාර ගන්න කියලා.මම කිව්වා සෘජු වගකීමක් භාර ගන්න බෑ, වංචා දූෂණ සිදු වෙලා තියෙනවා නම් විදිමත් පරීක්ෂණයක් සිදු කර ඔප්පු කරන්න කියලා.සේවකයෝ කිව්ව පලියට ඒවා පිළිගන්න බෑ.ඒවායේ සම්පූර්ණ වාර්ථාවක් ගන්න කියලා.නමුත් ඇමතිවරයා කිව්වා මිනිස්සු කියන නිසා මට පිළිගන්න වෙනවා කියලා.අද දවසේ අපි කීපදෙනෙකුට පහර දෙන්න හා හූ කියන්න ලෑස්ති කරලා තිබුණා ආයතනයේ සභාපතිවරිය ඇතුළු පාලන අධිකාරිය.ඒ නිසා මම එතනට සහභාගී වුණේ නෑ,නමුත් ඇමතිවරයාගේ කැඳවීම අනුව මම එතැනට ගියා ,ඇමතිවරයා ඊට පස්සේ කිව්වා ගහලා පන්නන්න මුංට කියලා.අපි රජයේ මුදල් අවභාවිතයක් කරලා තියෙනවා නම් අමාත්‍යංශ මට්ටමින් විගණනයක් කරලා නීතී මාර්ගයෙන් කටයුතු කරන්න ඔ්න.ප්‍රසම්පාදන කටයුතු කරන්නේ මම වුණාට මට තනියම ප්‍රසම්පාදන කටයුතු කරන්න බෑ, අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා, ප්‍රසම්පාදන කමිටුවක් තියෙනවා, තාක්ෂණ ඇගයීම් කමිටුවක් තියෙනවා.ඔවුන් දෙන නිර්දේශ අනුවයි මම කටයුතු කරන්නේ.මට තනි බලයක් නෑ, තනි බලයක් තියෙන දෙයක්වත් මම වංචා කරලා නෑ.කරලා තියෙනවා නම් විමර්ශණයක් කරලා කටයුතු කරන්න ඔ්න.එහෙම නැතිව ඇමතිවරයා ඉදිරියේ, පොලිස් නිළධාරීන් ඉදිරියේ මට ප්‍රහාරයක් එල්ල කළා, එහි වගකීම සභාපතිවරිය, ඇමතිතුමා, අධ්‍යක්ෂ මණ්ඩලය භාර ගන්න ඔ්න, ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ මේ වැඩේ කලේ, ඒ අයගේ වංචා දූෂණ වහගන්න කරපු වැඩක්.මගේ වංචාවක් ඔප්පු කලොත් මම ආයතනයෙන් ඉල්ලා අස්වෙනවා.

ඇමතිවරයා කියනවා ඔප්පු කරන්න දෙයක් නෑ මිනිස්සු කියනවා කියලා.සේවකයෝ කීප දෙනෙක් මීට සති කීපයකට කලින් මෙහෙයුම් කළමණාකාරුට ගහන්න ආවා, ඒ පිළිබඳවත් පොලීසියේ පැමිණිල්ලක් දාලා තියෙනවා.ඒ වගේම සභාපතිතුමිය ඇතුළු පිරිසක් මෙහෙයවපු වැඩක් මේක.ඇමතිවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක්වත් භාර ගන්න එපා කියලා පොලීසියට කිව්වා.පොලීසියෙන් ගහන එක බේරුවේ.එප්පාවල පොලීසියට මම පැමිණිල්ලක් කළා, ඒ අය ඇමතිවරයා පැමිණිලි භාර ගන්න එපා කිව්වත් පැමිණිල්ල භාර ගත්තා.පොලීසිය රාජකාරිය කලා.පහරදීමක් සම්බන්ධව පැමිණිලි කළා, මම මේ සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා.ආයතනය පාර්ශවයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරෙයි කියලා මම විශ්වාස කරන්‌නේ නෑ, මම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා.සභාපතිවරියගේ වංචා දූෂණ වහගන්න අපිට චෝදනා කරනවා.මට කරන චෝදනා සම්බන්ධයෙන් මම නිසි ලෙස රාජකාරී සිදු කර තිබෙනවා යැයි පැවසීය.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 1
Previous Post

අනුරාධපුර ආබාධිත විශ්‍රාමික රණවිරුවන් සඳහා කාබනික භෝග වගාව පිළිබඳ ප්‍රායෝගික වැඩසටහනක්

Next Post

DFCC Junior වෙතින් දරුවන් වෙනුවෙන් නිර්මාණාත්මක ඉතුරුම් කැට තරගයක්

editor

editor

Next Post

DFCC Junior වෙතින් දරුවන් වෙනුවෙන් නිර්මාණාත්මක ඉතුරුම් කැට තරගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved