27 April 2024
#දේශීය

කොරෝනා ආසාදිතයෙකු සියදිවි නසා ගනි (update)

පානදුර මුළික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 27 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සියදිවි නසා ගෙන ඇති බවත් එය මෙරට 22 වන කොරෝනා ආසාදිත රෝගියාගේ මරණය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

පසුගිය ඔක්තෝබර් 31 වන දින පානදුර මුලික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගිය පුද්ගලයෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඔහු කොවිඩ් ආසාදිතයෙක් වශයෙන් තහවුරු කර ඇත.

මියගිය පුද්ගලයා පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එසේම එම මරණය සියදිවි නසාගැනීම හේතුවෙන් සිදුවුවක් ලෙස වාර්තා කරනු ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

කොරෝනා ආසාදිතයෙකු සියදිවි නසා ගනි (update) 6;00pm 

 

ඉහත සිදු වු ශ්‍රීලංකාවේ 22 වන කොවිඩ් ආසාදිත මරණය කොවිඩ් මරණයක් ලෙස නොසලකා හැරීමට තිරණය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *