27 April 2024
#දේශීය

සයිබර් ප්‍රහාරයක් ? වහාම රජයේ අවධානය යොමු කරන්නැයි ඉල්ලීමක්

යම් කණ්ඩායමක් විසින් මෙරට පවතින වෙබ් ලිපිනයන් වලට සයිබර් ප්‍රහාර එල්ල කරමින් සිටින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

මෙය lk වෙබ් ලිපිනයන් මෙහෙයවන සමාගමක්ද මෙම සයිබර් ප්‍රහාරයේ ගොදුරක් බවට පත්වී ඇත්දැයි එම සමාගමට අදාළ වෙබ් අඩවිය මගින් නිකුත් කර ඇති නිවේදනය හේතුවෙන් සැක පහලව වන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියා සිටි.

මේ හේතුවෙන් .lk වෙබ් අඩවි වලට අදාළ සංවේදී මුරපද මාරු කිරීමට කටයුතු කිරීම ආරක්‍ෂිත ක්‍රමවේදයක් ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය දකින්නෙමු.

අද දින සිදුවූ සයිබර් ප්‍රහාරය සිදුකිරීමට සයිබර් ප්‍රහාරකයන් විසින් යොදාගත් ආරක්‍ෂිත දෝෂය යොදාගනිමින් මින් පෙර .lk වෙබ් ලිපින තිබූ කුඩා වෙබ් අඩවි වෙතට සයිබර් ප්‍රහාර මින් පෙර සිටම සිදුකර ඇත්තේද පිලිබදව සැකයක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට මතුව තිබේ.

මෙලෙස සිදුවන සයිබර් ප්‍රහාර ජාතික ආරක්ෂාවට, ආර්ථිකයට තර්ජනයක් බැවින් සයිබර් ආරක්ෂණය ඉහල නැංවීමට විධිමත් වැඩපිළිවෙලක් සිදුකිරීමට කටයුතු කරනා ලෙස ශ්‍රී ලංකා රජයෙන් හා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අවධාරණය කරමු.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *