27 April 2024
#දේශීය

ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවෙන් ජනතාවට ඩිජිටල් වේදිකාවක්

පාර්ලිමේන්තුවේ ජාතික සභාවට අනුබදධව පිහිටුවා ඇති ආර්ථික ස්ථායිකරණ අනු කමිටුවට අදාළ තොරතුරු ඇතුලත් ‘වෙබ් අඩවිය’ ඊයේ (08) දින ජනගත කරනු ලැබිණ.

ඒ, පාර්ලිමේන්තුවේ කටයුතු, දියවන්නාවෙන් ඔබ්බට ගෙන යාමේ පියවරක් ලෙස මෙම ඩිජිටල් වේදිකාවට විශේෂයෙන්ම තරුණ ප්‍රජාව සම්බන්ධ කර ගැනීම අරමුණ වන බව මේ සඳහා සම්බන්ධ වෙමින් ආර්ථික ස්ථායිකරණ අනුකමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඉන අනතුරුව මෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳව මහේෂ් පෙරේරා මහතා අදහස් දක්වමින් පවසා සිටියේ අදියර 4ක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙම වෙබ් අඩවිය මගින් ජනතාවට, ආර්ථික ස්ථායිකරණ අනුකමිටුව ඔස්සේ සිදුකරණ කටයුතු පරිශීලනය කිරීමේ හැකියාව මෙන්ම කමිටුව මගින් යොමුකරනු ලබන ප්‍රශ්නාවලිය සඳහා පාර්ලිමේන්තු වෙබ් පිටුව හා ලියාපදිංචි වීම තුළින් පිළිතුරු සැපයීමේ හැකියා පවතින බවයි.

මෙම පද්ධතිය පාර්ලිමේන්තු ප්‍රධාන වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන අතර අදියර හතරක් යටතේ රටේ විවිධ පාර්ශව වලට සම්බන්ධ විය හැකි පරිදි නිර්මාණය කොට තිබේ. කිසිදු බාහිර මෘදුකාංගයක් මගින් සම්බන්ධ වීමට අවශ්‍ය නොවන මෙම වෙබ් අඩවිය අන්තර්ජාලය හරහා සම්බන්ධ විය හැකි සරල පද්ධතියකින් සමන්විතය.

මෙහි සියලු නිර්මාණ කටයුතු හා තාක්ෂණික කටයුතු පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇති අතර ඒ සඳහා කිසිදු මුදලක් වය නොවීමද විශේෂත්වයකි. එමෙන්ම මේ ඔස්සේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට, සභික මන්ත්‍රීවරුන්ට හා විෂය ප්‍රවීණයන්ට අනු පද්ධතීන් තුනක් යටතේ මෙම පද්ධතිය හා සක්‍රිය දායකත්වයක් ලබා දීමට හැකියව ලැබේ.

වෙබ් අඩවිය: https://nationalcouncil.parliament.lk/index.php?lan=si

Leave a comment

Your email address will not be published. Required fields are marked *