27 April 2024
#දේශීය

ඉතිහාසයේ දැවැන්තම රන් මගඩියක් රේගුවෙන් අල්ලුවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

නීතී විරෝධීව මෙරටට රැගෙන ආ රත්‍රන් කිලෝ 22 ක් රේගුව මගින් අත්අඩංගුවට ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රේගු ඉතිහාසයේ සිදු කළ දැවැන්ත වැටලීම් වලින් එකක් වන අද (08) දින ඉන්දියාවේ Direcහtorate Of Revenue Intelligence ආයතනය මගින් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත ලබා දි තිබු බුද්ධි තොරතුරක් විශ්ලේෂණය කිරීම මත රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු රේගු පරිශ්‍රය තුළදී පරීක්ෂාවට ලක් කරන ලදී.

ඒ අනුව හතර දෙනාගෙන් තුන් දෙනෙතු ඩුබායි සිට චෙන්නායි හරහා ශී ලංකන් ගුවන් සේවයට අයත් UL 126 දරණ ගුවන් යානයෙන් අද (09) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

පරීක්ෂා කිරීමේ දී ඔවුන්ගේ බෑගයන් තුළ සඟවා තිබූ රන් ආභරණ හා ද්‍රව ලෙස සකස් කරන ලද රන් කුඩු විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය. රන් ආභරණ ඉතා සූක්ෂම ලෙස හඳුනා ගැනීමට නොහැකි වන සේ වර්ණ ගන්වා තිබූ අතර, රන්කුඩු සැඟවීමට පහසු වන සේ කැප්සියුල් ආකාරයෙන් සකසා තිබේ.

තවද රන්කුඩු සූක්ෂම ලෙස ආලේප කරන ලද ඇඳුම් 30ක් සොයා ගැනීම හැකිවිය. සොයා ගන්නා ලද රත්‍රන් වල සම්පූර්ණ බර කිලෝ 22කට ආසන්න වූ අතර වටිනාකම රුපියල් මිලියන 400කට ආසන්න වේ.

රේගු ඉතිහාසයේ සිදු කළ දැවැන්ත වැටලීම් වලින් එකක් වන මෙය සිදු කිරීම සඳහා සහය දුන් Direcහtorate Of Revenue Intelligence ආයතනය වෙත මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සිය කෘථතඥතාව පළ කරන අතර ජාවාරම් මැඩලීම සඳහා අසල්වැසි රටවල් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද හෙතෙම අවධාරණය කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *