27 April 2024
#දේශීය

විදුලි බිල ගැන මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේදි සාකච්ඡාවක්

වැඩිවි ඇති විදුලි බිල අත්හිටුවන ලෙස මාතලේ සංඝ සභාව ලෙස ඉල්ලා සිටින බව මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති/ අස්ගිරි පාර්ශවේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක කොස්ගොල්ලේ සිලරතන හිමියෝ පැවසුහ.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ඉකුත් 20දා පස්වරුවේ මාතලේ ශාසනාරක්ෂක බල මණ්ඩල‍යේ සභාපති ,අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක කොස්ගොල්ලේ සිලරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදි මෙම අදහස් පළ විය.

මෙහිදි නායක හිමියන් මෙසේ අදහස් පල කලේය ” පවතින අධීක විදුලි බිල ගෙවා ගත නොහැකි තත්වයක් උදාවි ඇති බවය.වි 8 වලින් යන හාමුදුරුවු ඉන්නවලු.කියනවා.ඒ වගේම මාස්පතා විදේශගතවෙන හාමුදුරුවරු ඉන්නවලු.මෙහෙම හාමුදුරුවරු මාතලේ ඉන්නවද? දුප්පත් අපේ පන්සල් .මේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දානවෙලවත් අපට හරියට හම්බවෙනවද කියල බලන්න ඕන.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වු සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛාධීකාරි මුගුණුවෙල අනුරුද්ධ හිමියන් කියා සිටියේ දායකයින්ගේ අතමිට සරුවෙලා තිබුණානම් අපට ගෙවන්න පුළුවන්.ජනතාවගේ සෞඛ්‍ය අධ්‍යෘපනය ආහාර සපයා ගැනිම වැනි කටයුතුවලට කණකොකා හඩලා තියන වෙලාවක් මේක.මේ ඇතිවු තත්වය ඉතාම භයානයකයි.යැයිද උන්වහන්සේ පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *