27 April 2024
#දේශීය

දුම්වැටි සහ මද්‍යසාර පිළිබඳ අන්තර් ජාල ප්‍රචාරයන්ට වැට – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

අන්තර් ජාලය ඔස්සේ දුම්වැටි සහ මද්‍යසාර භාවිතය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වූ ග්‍රහණ 169ක් වසරේ මුදල් මාස අට තුළ සිදු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය මගින් මෙම ග්‍රහණ සිදු ඇති බවයි.

දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් මෙම ප්‍රවර්ධන කටයුතු සඳහා මාධ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වා දී ඇත. මීට අමතර ඍජු හෝ වක්‍ර ප්‍රචාරයක් වේ නම් ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා VNATA mobile application media violations නමින් ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාර පනත ප්‍රකාරව දුම්වැටි සහ මද්‍යසාර අධෛර්යයට පත් කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බව පෙන්වා දෙන සියඹලාපිටිය අමාත්‍යවරයා ඇබ්බැහි වූවන් මුදා ගැනීම
සඳහා උපදේශන සේවාවන් ද රජය මගින් ක්‍රියාත්මක කරන බව සඳහන් කරයි.

කෙසේ වෙතත් දුම්වැටි සහ මද්‍යසාර භාවිතය අධෛර්යමත් කිරීම සඳහා රජය ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් සෞඛ්‍ය අංශ සඳහා වන වියදම අවම වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *