27 April 2024
#දේශීය

ආරවුලක් දුර දිග ගොස් අයෙකු මරුට

පේරුතුඩුව, අල්වායි උතුරු ප්‍ර දේශයේ ඊයේ (20) දහවල් දෙපිරිසක් අතර ඇති වු ආරවුලකින් එක් අයෙක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය කාර්යාංශය නිවේදනය කලේ එම ගැටුමෙන් පස් දෙනෙකු තුවාල ලබා මන්දිගායි රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි. ඉන් බරපතල තුවාල ලබා සිටි එක් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 31 ක් වු අල්වායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය මන්දිගායි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත මාරු කර යවා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *