27 April 2024
#දේශීය

දියේ ගිලි සිසුවෙකු මරුට

ලග්ගලථ කොරපිටිය වැවේ දිය නාමින් සිටි සිසුන් පිරිසක් අතරින් එක් අයෙකු දියේ ගිලි මිය ගොස් ඇති බව පොලිසි පවසයි.

ඊයේ (11) දහවල් මෙම සිදුවිම සිදුව ඇති අතර මිය ගිය සිසුවා වයස අවුරුදු 17 ක් වු මාදම්පේ, හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සිසුන් පිරිස හලාවත පිහිටි උපකාරක පන්තියක් මගින් සංවිධානය කර තිබු විනෝද චාරිකාවක් සඳහා පැමිණි මොරගහකන්න ජලාශය නැරඹීමෙන් පසු තොරපිටියවැවේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ.

මෙම චාරිකාව සඳහා සිසුන් 10 දෙනෙකු සහභාගී වී ඇති බව පොලිසිය කල මුළික විමර්ශනවලදී හෙලිව ඇත.

මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ලග්ගල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *